Thursday, October 26, 2017

ආයුර්වේද ශරීර සම්භාහනයක නිසැක ප්‍රයෝජන


ආයුර්වේද සම්භාහනයක ප්‍රතිලාභ

වර්තමානයේ වේගයෙන් ක්රියාත්මක වන ජීවන රටාව අපගේ ශරීරය විවිධ රෝග වලට භාජනය වීමට ඉඩ සලසයි. සැකසූ ආහාර දිනපතා පරිභෝජනය, ආලේපනවල ඇති සැඟවුණු දැඩි රසායනික ද්‍රව්‍ය අපගේ ප්‍රතිශක්තිය අඩු කරයි. කොටින්ම දියවැඩියාව, රුධිර පීඩනය හා අනෙකුත් රෝග සඳහා යොදා ගන්නා ඖෂධ පවා භයානක අතුරු ඵල සහිතයි.

එසේ නම් අපට කල හැක්කේ කුමක්ද ?

සොබාදහම සමග නැවත සම්බන්ධ වීමෙන් යහපත් ජීවන තත්ත්වයක් කරා ඉදිරියට යා හැකිය. ආයුර්වේදය යනු අතීතයේ සිටම ස්වභාවධර්මය සමග නිරතුරුවම සම්බන්ධ වන් විද්‍යාවකි. එබැවින් අපගේ ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා ආයුර්වේද ප්‍රතිකාර යොදා ගත හැකිය. එවැනි ප්‍රතිකාර ක්‍රමයක් වන් ආයුර්වේද සම්බාහනය අද දින ඉතා ජනප්‍රය වෙමින් පවතී. එහි ප්‍රතිලාභ බොහෝමයකි.

ස්වාභාවික තෙල්:

ආයුර්වේද සම්බාහන සඳහා භාවිතා කරන තෙල් සැකසීමට යොදා ගන්නේ ඖෂධ පැළෑටි වලින් නිස්සාරණය කල දෑ වන අතර ඒවායේ රසායනික ද්‍රව්‍ය, කෘතිම සංරක්ෂණ කාරක හෝ වර්ණ භාවිතා නොවේ. එබැවින් ආයුර්වේද සම්බාහනය තුළ කිසිදු විෂ ද්‍රවයක් අපේ සිරුරට ගෙන නොයනු ඇත. ඇත්ත වශයෙන්ම එය අපේ ශරීරයට හොඳ ස්වභාවික තෙල් වර්ග අවශෝෂණය කර දෙයි. එවැනි තෙල් වර්ග අපගේ ශරීරයට ඇතුලු වූ පසු ශරීරය යෝග්‍ය පරිදි ස්වාභාවිකව අනුවර්තනය  වේ. ආයුර්වේද වෛද්ය මධ්යස්ථානයක සිටින  ආයුර්වේද වෛද්යවරයෙකු විසින් සෑමවිටම ඔබගේ සිරුරේ ස්වාභාය අනුව සම්භාහනයට යෝග්‍ය තෙල නිර්ණය  කරනු ලැබේ. සම්පූර්ණ සිරුර සම්බාහනය මගින්  ඔබේ ශරීරය සහ මනස තුල සැබෑ ලිහිල්කරණය හා සමබරතාවය ගෙන ඒම සඳහා සිරුරට ඇතුල් වන ඔසු මගින් මෙම උණුසුම් තෙල් දායක වේ.

වෛද්‍යමය වැඩිදියුණු කිරීම:

ආයුර්වේදය සම්භාහනයකින් ලැබිය හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහෝය. මෙම ආකාරයේ සම්භාහනයකින් මුළු සිරුරම ආලෝකවත් කරයි. විශේෂයෙන්  හිස සහ මුහුණ සම්බාහනය තුළින් ඔබගේ පෙනීම වැඩි  දියුණු වේ. ශරීරයේ සමස්ථ ප්‍රතිශක්තිකරණය,රුධිර සංසරණය වැඩි කරන අතර විවිධ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් උත්තේජනය කරයි. පිත්ත සහ වාත දෝෂයන් ශමනය කරයි. තවත් ආයුර්වේද සම්බාහන ක්‍රමයක් වන "උදාවර්තනය" මගින් කඵ හරණයක් සිදුවේ. සෞඛ්ය සම්පන්න පුද්ගලයෙකු සඳහා සිදුකරන ලද හොඳ සම්බාහනයකින් ඔහුගේ ත්‍රිදෝෂ සමතාවය වේ.

යෞවනත්වය

යෞවන වයසේ රැඳී සිටීමටත් හමරැලි වැටීමෙන් වයසක පෙනුමක් ලැබීමෙන් වැලකී සිටීමටත් වෙහෙසෙන අයට ආයුර්වේදීය සම්බාහනය ඉතාමත්ම හොද ස්වභාවික ප්‍රතිකාරයක්. ආයුර්වේද ප්‍රතිකාරයේදී භාවිතා කරන සගන්ධ තෙල් ස්වභාවික සහ පිරිසිදු අතර සමට ප්‍රතිලාභ ගණනාවක් ඇත. වර්තමානයේදී බොහෝදෙනා මුහුණේ මාංශ පේශි රැලිවැටීමෙන් වලක්වාගැනීමට බූටෙක්ස් එන්නත් ලබා ගැනීම සිදුකරත් එවැනි ක්‍රමවේද වල ප්‍රතිවිපාක බොහෝමයකි. නමුත් කිසිදු අතුරු ආබාධයකින් තොරව මුහුණ සම්භාහනයෙන් වඩාත් සුන්දර පෙනුමක් පවත්වාගෙන යාමට හැකිබව දන්නා අය අත්තේ ඉතාම සීමිත ප්‍රමාණයකි.

මෙයින් ඔබේ මුහුණ ඇති වන වයස යන ලක්ෂණ නැතිකරනවා පමණක් නොව  ඔබට තරුණ පෙනුමක් ලබාදෙන බව මෙහිදී සිහිපත් කලයුතුය.

පීඩන සහන:

ශරීරයට අහිතකර බලපෑම් ඇති කරන කාර්යබහුල ජීවන රටාවක් ඔබටත් තිබේ නම් ආයුර්වේද සම්බාහනයකින් ඒ සදහා සහනයක් සොයාගත හැකිය. ආයුර්වේද සම්බාහනය ඔබේ ආතතිය නැති කරනවා පමණක් නොව ශරීර පටකවලට  නැවුම් බලයක්ද ලබා දෙනු ඇත.

මෙලෙස නිවැරැදි ආයුර්වේද සම්භාහනයක් තුලින් ඔබට ලැබෙන ප්‍රයෝජන බොහෝමයක් ඇති අතර තවමත් ඔබ ඒ සදහා යොමු වී නැත්නම් පිළිගත් ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් වෙතට යොමුවන්නට දැන් ඔබට අවස්ථාව.

No comments:

Post a Comment

බුදුන් වහන්සේගේ වෙදැදුරු ජීවක කෝමාර භච්ච

ගෞතම බුදුරජාණන් වහන්සේ දිවමන් සමයෙහි භාරත දේශයෙහි පහළ වූ අද්විතීය දක්ෂතාවන්ගෙන් දැනුමෙන් කුසලතාවන්ගෙන් පිරුණු ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයාණන් වූයේ ...