Friday, October 27, 2017

ආයුර්වේද ස්වේද කුටී ප්‍රතිකාර

ස්වේදනය යනු කුමක්ද?

අතීතයේ සිටම විවිධ රෝග නිවාරණය කිරීමේ ක්‍රමවේදයක් ලෙස ස්වේද කර්මය  භාවිතා වී ඇත. ෆින්ලන්තයේ saunas, තුර්කියේ baths සහ ජපානයේ steam rooms  එවැනි සාම්ප්‍රදායික ස්වේද කර්ම වේ.අභ්‍යංගයෙන් අනතුරුව සිදු කරන පුරාණ ආයුර්වේද ප්‍රතිකාරයක් ලෙස ස්වේදනය භාවිතා කෙරේ.

ආයුර්වේදයේ දී, ස්වේද යන පදයෙන් අදහස් වන්නේ සිරුරේ දහඩිය දැමීම මගින් සිදුකෙරෙන ප්‍රතිකාරය යි. මෙම ප්‍රතිකාරය ශරීරයේ ප්‍රකුපිත වූ දෝෂ හෝ විෂ ද්‍රව්‍ය බැහැර කිරීමට භාවිතා වේ.එමෙන්ම පුද්ගලයෙකු දෝෂ සමතුලිතාවය ඇති කිරීමටත් නීරෝගිතාවය ප්‍රවර්ධනයටත්  උපකාර කරයි.

ස්වේදනයේ චිකිත්සීය ප්‍රතිලාභ:-

• විෂ ද්‍රව්‍යය ඉවත් කිරීම

මෙම ඉපැරැණි ප්‍රතිකාරය මගින් ශරීරයේ ගැඹුරු පටක වලින් විෂ ඉවත් කරයි. මෙහි මූළධර්මය වනුයේ සිරුරේ දහඩිය පිටවන විට ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය සම හරහා ශරීරයෙන් පිටතට ගමන් කරයි.

• රුධිර සංසරණය වැඩි දියුණු කරයි

මෙම ක්‍රමයේ ප්‍රධාන අරමුණ වන්නේ සිරුරේ උෂ්ණත්වය වැඩි කිරීමයි. මෙහිදී ස්වේදනය නිසා රුධිර වාහිනී නාළිකා විස්තාරනය වීමෙන් සිරුරේ රුධිර සංසරණය වේගවත් වේ.

• බර අඩු කිරීම

ස්වේදනය  සුවිශේෂී ප්‍රතිලාභයක් වනුයේ ශරීරයේ බර අඩු කර ගැනීමට උපකාරී වීමයි. හොදින් දහඩිය දැමීම මගින් ශරීරය තුල ඇති මේද පටක අඩු කරයි, එමගින් බර අඩු කර ගැනීමට සහාය වේ.

• සමට ඇතිවන ප්‍රතිලාභ

ස්වේදනය ඔබේ සම නිරෝගී සහ දීප්තිමත් ලෙස තබා ගැනීමට උපකාරී වේ. තවද සමේ කුරුලෑවෙන් ඉවත් කරයි. සමේ වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී වීම සහ සමට කඩා වැටීමෙන් වැළැක්වීමට ද උපකාරී වේ.

• ශ්වසන පද්ධතිය පිරිසිදු කිරීම

මෙම ඉපැරණි චිකිත්සාව ඇදුම හා අසාත්මිකතාවන්ගෙන් පෙළෙන අයට සහනයක් ලබා දෙයි. වාෂ්පය ආශ්වාස කිරීමෙන්, ශ්වසන පද්ධතිය පිරිසිදු වන අතර පුද්ගලයාට පහසුවෙන් හුස්ම ගැනීමට හැකි වනු ඇත.

• ආතතිය අඩු කරයි

මෙම ආයුර්වේද වාෂ්ප චිකිත්සාව මනස හා ශරීරය සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. මනස ලිහිල් කිරීමට සහ මානසික  ආතති වලින් ලිහිල් වීමට මෙම ප්‍රතිකාර  බලපායි.

• වෙනත් චිකිත්සක ප්‍රතිලාභ

එය ශරීරයේ දෘඩතාවය වලක්වා මෘදුතාවයට පත් කරයි.සාමාන්‍යයෙන්  ශරීරය ඇතිවන පීඩනයන් සදහා  සහනයක් ලබා දෙයි. උගුරේ පේශි ලිහිල් කිරීමට උපකාරී වේ. සන්ධි වේදනාවන්ට සහනයක් ලබා දෙයි. එය සම අලංකාර කිරීමට උපකාරී වේ.ප්‍රදාහය අඩු කිරීමට උපකාරී වේ.මානසික ආතතිය අඩු කිරීමට උපකාරී වේ.

ස්වේද කුටීර ප්‍රතිකාරයක්  සිදුවන ආකාරය :-

අභ්‍යංගයෙන් අනතුරුව ස්වේද කර්මයට ලක් කරනු ලබන පුද්ගලයාගේ හිස හැර සිරුරේ අනෙක් කොටස ස්වේද පෙට්ටිය තුලට ඇතුල් කරනු ලැබේ.

එහිදී පුද්ගලයා විනාඩි 10 සිට විනඩි 30 ක් පමණ කාලයක් තිස්සේ ඖෂධ තම්බන ලද වාෂ්පයෙන් පුරවා ඇති වාෂ්ප පෙට්ටියෙහි රදවා සිටී.

මෙහිදී යොදාගන්නා ඖෂධ එක් එක් පුද්ගලයාගේ දේහ ප්‍රකෘතිය,රෝගී නිරෝගී බව,වයස ආදී නොයෙක් කරුණු මත තීරණය කිරීම ආයුර්වේද වෛද්‍යවරයා විසින් සිදු කරනු ලැබේ.

එමෙන්ම මෙම ක්‍රියාවලියේදී සිරුරේ ප්‍රධාන අවයව වලට තාපයෙන් සිදුවිය හැකි අබාධ වළක්වා ලීමට අවශ්‍ය උපක්‍රම වෛද්‍යවරයා විසින් යොදනු ලැබේ.

මෙම චිකිත්සාව පුද්ගලයාගේ සමේ ගැඹුරින්ම රැදී ඇති  විෂ ද්‍රව්‍යයන් ඉවත් කිරීමට උපකාරී වේ.

මෙම වාෂ්ප ප්‍රතිකාරය පුද්ගලයෙකුට සැබැවින්ම විනෝදජනක සහ ප්‍රබෝධජනක අත්දැකීමක්.තවද මෙම ප්රතිකාරයේදී ශරීරය ඖෂධීය වාෂ්ප මගින් පෝෂණයක්ද වේ. ඒ පුද්ගලයා සුවපහසු හා ප්‍රශංසනීය තත්ත්වයකට පත්වේ.

ඔබ තවමත් මෙම විශ්මිත ප්‍රතිකාරය ලබා ගෙන නැතිනම් ලගම ඇති පිළිගත් ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානක් වෙත ගොස් වරක් හෝ ලබාගෙන ඒ අත්දැකීම විදගන්න.අනිවාර්යයෙන්ම එහිදී ඔබේ සිරුරට මනසට ඇතිවන සැහැල්ලුව නිසාම ඔබ නැවත එම ප්‍රතිකාර සිදුකරගැනීමට යොමු වනවා නොවනුමානයි.එයයි මෙහි විශේෂත්වය.

උදාර ජයසුන්දර - Udara jayasundara

ජීවක අසපුව
Jeewaka Asapuwa

No comments:

Post a Comment

බුදුන් වහන්සේගේ වෙදැදුරු ජීවක කෝමාර භච්ච

ගෞතම බුදුරජාණන් වහන්සේ දිවමන් සමයෙහි භාරත දේශයෙහි පහළ වූ අද්විතීය දක්ෂතාවන්ගෙන් දැනුමෙන් කුසලතාවන්ගෙන් පිරුණු ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයාණන් වූයේ ...