Sunday, November 5, 2017

බුදුන් වහන්සේගේ වෙදැදුරු ජීවක කෝමාර භච්ච

ගෞතම බුදුරජාණන් වහන්සේ දිවමන් සමයෙහි භාරත දේශයෙහි පහළ වූ අද්විතීය දක්ෂතාවන්ගෙන් දැනුමෙන් කුසලතාවන්ගෙන් පිරුණු ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයාණන් වූයේ ජීවක කෝමාර භච්චය. එතුමන් රෝගීනට ප්‍රතිකාර ලබාදීමේ දී පොදු ජනතාව පමණක් නොව රාජ රාජ මහාමාත්‍ය - සිටුවරු ඇතුළු ප්‍රභූ පංතිය පමණක් නොව තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ද වෛද්‍යවරයා බවට පත් වී සිටියහ.

ජීවක ගෞතම බුදුන් වහන්සේගේ පෞද්ගලික වෛද්‍යවරයා බවට පත් වීම සඳහා ප්‍රාර්ථනය ඇති කර ගනු ලැබුවේ පෙර ආත්ම භවයන් රාශියකට පෙර ය. එනම් පදුමුත්තර නම් වූ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයෙහි හංසවතී නුවර උපත ලැබූ ඔහු එදවස ශාස්තෘන් වහන්සේගේ ප්‍රසාදය ලැබූ උපාසකයකු ව ජීවත් වූ බව (මනෝරථ පුරණියෙහි) සඳහන් වන්නේ ය. හෙතෙම සංඝයා වහන්සේට කරන ලද පූජාවකින් අනතුරුව "මම ඒකාන්ත වශයෙන් ම අනාගත බුද්ධෝත්පාද කාලයෙහි උන්වහන්සේගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන බවට ප්‍රාර්ථනා කළ බව අප හට ප්‍රකට වේ. ජීවකගේ මෙලොව ජනිත වීම පිළිබඳ කතාන්තරය නම් අසන්නාට, කියවන්නාට එතරම් ප්‍රියමනාප වූ එකක්, සිද්ධියක් නොවන්නේ ම ය.

එදවස භාරත දේශයෙහි අතිශය රූබර ලලනාවක් ඉපදුණේ නම් රජ බිසවක් ලෙස රජෙකුට පරිහරණය කිරීමේ දුෂ්කරතා ඇති වී තිබුණු බව ප්‍රකට ව පෙනේ. එවන් අභිරූපිකාවියන් එක රජෙකුට පරිහරණය කිරීමට නොහැකි වූ විට, අදාළ පාලකයන් විසින් ම සුව පහසු මැදුරු, සේවක සේවිකාවන් හා වස්තුව ද සපයා දී රජවරුන්, ඇමතිවරුන්, ක්‍ෂත්‍රීයයන්, ප්‍රමුඛයන් කහවණු දහස් ගණන් අය කොට පිනවීමට සුදුසු පරිදි නීත්‍යනුකූල ලෙස කටයුතු කිරීමට ඔවුනට අවස්ථාව සලසා දී තිබිණි. බුදුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි වේසාලි නම් වූ ධනවත් නගරයෙහි විසූ අම්බපාලී නමැති රූබර ගණිකාව එයට නිදසුනකි. බිම්බිසාර රජු පවා ඇතැම් විට තම ආශාවන් සනහාලන්නට ඇයගේ මැදුර කරා ගොස් ඇය සමඟ දින ගණන් රිසි සේ සතුටින් කල් ගෙවා ඇත.

මෙදවස විශාලා මහනුවර ධනවත් සිටුවරයකුට දාව උපන් කුල කුමරියක් වූ සාලවතී ද රූපශ්‍රීයෙන් අගතැන්පත් තැනැත්තියකි. ඇය සිරිකතගේ දියණියක් ලෙස හැඳින්විණි. වරක් ඈ දෙස බැලූ පිරිමියෙකු රජ කුමරෙකු, සිටුවරයකු නැවත ද ඈ දෙස හැරී බලනුයේ ඒ රූසිරි බවින් ආකර්ශනය වීමෙනි. ප්‍රභූ ජනතාවගේ ඉල්ලීම පරිදි රූමත් සාලවතී කුමරිය වෙත රාජ්‍ය අනුග්‍රහයෙන් සුඛෝපභෝගී මැදුරක් සේවකාදීන් හා වස්තුව ලැබුණ අතර ඇය නගර ශෝභිනියක් බවට පත්විය. සාලවතී කුමරිය රූමත් බවින් මෙන් ම නැණ නුවණින් ද යුක්ත වූවා ය. සාලවතී කුමරිය පොකුණෙහි, නාන තොටෙහි සිය යෙහෙළියන් සමඟ දිය නෑමට ගිය විට ද, බිම්බිසාර රජුගේ කනිටු පුත් අභයරාජ කුමරා ඇයගේ දර්ශනය ද, දෙවනු ව ඇසුර ද ප්‍රිය කළේ ය. වැඩිකල් නොගොස් කුමරිය වසන මැදුර නිසසල විය. කුමරුන් නිසා ඈ ගැබ්ගෙන සිටි නිසාය. ගැබ්බරින් පසු වූ සාලවතී නගර ශෝභිනිය දිනක් අඳුරු කුටියෙහි ප්‍රසූත වේදනාවෙන් පසුවෙමින් සිට, අරුණෝදයට ආසන්න රාත්‍රියෙහි පුත්‍රයෙකු ප්‍රසූත කළාය. වැදූ ළපැටියා කොතරම් හුරුබුහුටි බැව් පෙනුනත් නගර ශෝභිනියකට පුතෙකුගෙන් ඇති ඵලය කිම? ඇතමුන් අනුමාන කරන්නේ ඇයට වැදූගෙයි සන්නියක් වැළඳෙන්නට ඇතැයි කියා ය. කෙසේ හෝ ඇය සිහිවිකල්ලෙන් මෙන් තමා ප්‍රසූත කළ ඒ දයාබර ලේ කැටි පුතු උපන් සැනෙකින් ම තම සේවිකාවකට කියා මදක් ඈතින් පිහිටි කසළ ගොඩක රඳවනු ලැබුවා ය. මද වේලාවක් ගත වෙත් ම අරුණෝදය දීප්තිමත්ව හැම තැන සිසාරා පැතිර යමින් තිබිණි.

ඒ උදෑසන තරුණ අභය රාජ කුමරුන් ව්‍යායාමයක් ලෙසින් දෝ තම ආරක්ෂක රාජ්‍ය සේවකයන් ද සමගින් අසුපිටින් මේ අසලින් පියමන් කරමින් සිටියේ ය. කසළ ගොඩෙහි කුණු තැවරුණු සුරුබුහුටි සිඟිති බබෙකු සිටිනු දුටු රජකුමරා නොපමාව මොහොතකට අසු නවතා දරුවා තවමත් ජීවතුන් අතර දැයි විමසීය. එසේ ය, කුමරුනි යයි සවනෙහි රැඳෙත් ම, එසේ නම් වහාම දරුවා අහුලා ගන්න යැයි රාජ්‍ය සේවකයන් දැනුවත් කළේ ය. ළදරුවා නිරුපද්‍රිත ව ජීවතුන් අතර පසු වූ බැවින් ඔහු රජ මැදුර කරා සෙනෙහසින් ගෙන ගොස් කිරිමව්වරුන්ට භාර කළහ. සිඟිත්තා ජීවත් වන බැවින් 'ජීවක' යයි නම් තබනු ලැබුවේ ය. අභය රාජ කුමරා ළදරුවා වෙත සෙනෙහසින් අවශ්‍ය සැප සම්පත් ලබා දෙමින් ස්නේහයෙන් පෝෂණය කරගන්නා ලද්දේය. ඔහුට රජ කුමරකුට මෙන් අවශ්‍ය සියලු සුව පහසුකම් සලසා දුන් අතර 'ජීවක කෝමාර භච්ච' යන නාමයෙන් ඔහු හැඳින්විණි. ළදරුවා කුඩා කල සිට ම වැඩිහිටි බසට කීකරු බුද්ධිමත් ගති ලක්ෂණ පෙන්නුම් කරනු ලැබුවේ ය. නිමිති ලක්ෂණ පිළිබඳ පඬිවරු ඔහු ගැන පැවසුවේ ස්ථිර වශයෙන් ම මොහු මහා පඬිවරයකු වීමේ වාසනා ගුණයෙන් යුතු ව සිටින බව ය. ජීවකයාගේ පියා තමා බව අභයරාජ කුමරු පුතුට සෙනෙහසින් පවසා ඇත. ජීවකට කුඩා කල රජ කුමරෙකුට මෙන් පූර්ව අධ්‍යාපනය ලබා දුන්නේ ය. ඔහුට අවශ්‍ය වූයේ සාමාන්‍ය රජ කුමරෙකුට ලබා දෙන්නා වූ යුද ශිල්පය, ධනු ශිල්පය ආදී වශයෙන් රාජ්‍ය පාලකයකුට ලබා දෙන්නා වූ අධ්‍යාපනයන් ප්‍රගුණ කරලීම නොවේ. ජීවක කුඩා කාලයේ පටන් ම සත්ත්ව ශරීරයෙහි ඇතිවන වේදනා දැන සිටියේ ය. දිනක් ඔහු දුනුවායකු නිසා වේදනාවෙන් ලේ ගලමින් සිටි සැළලිහිණියකු ගෙනවුත් ප්‍රතිකාර කොට සුවය ලබා දුන්නේ ය. ජීවකගේ සිත්හි පෙර ආත්මවල සිට පැවත ආවේ ලෝ සතුන් ශාරීරිකව සුවපත් කරලීමයි. එකී මාහැඟි අධිෂ්ඨානයක් පෙරදැරි කරගෙන සිටි ඔහු දිනක් කිසිවෙකුට හෝ නොදන්වා තක්ෂිලා නුවර විශ්වවිද්‍යාලයේ දිසාපාමොක් මහැදුරු අබියසට පැමිණියේ ය. තමා පැමිණියේ 'වෛද්‍ය විද්‍යාව' හැදෑරීමට යැයි හෙතෙම පැවසීය. එසේ නම් චාරිත්‍රානුකූල ව ගුරු පඬුරු ගෙනවිත් තිබේ දැයි ඇදුරුතුමන් විමසීය. තමා බිම්බිසාර රජ මාලිගයේ වසන බවත්, ඔහුට නොදන්වා මෙහි පැමිණි නිසා කහවණු නොගෙනා බවත් පවසමින්, ඒ වෙනුවට තමා මහැදුරු තුමාගේ බැල මෙහෙවරකම් කරදෙන බවත් පැවසීය. දිසාපාමොක් ඇදුරුතුමන් ජීවකගේ ශරීර ලක්ෂණ දෙස නිරීක්ෂණය කර බලා, මොහු විශිෂ්ට ඥානවන්තයකු වන බව තේරුම් ගෙන, ඔහු ව වසර හතක වෛද්‍ය ශාස්ත්‍රය හැදෑරීම පිළිබඳ වූ අධ්‍යයනය සඳහා බඳවා ගනු ලැබුවේ ය.

'වෛද්‍ය පීඨයේ' තක්ෂිලා නුවර සරසවියේ වෛද්‍ය විෂය ධාරාව හදාරා ඉතා දක්ෂ ලෙස අවසන් කළ ජීවක තමා අබියසට කැඳවූ වයෝවෘධ දිසාපාමොක් මහැදුරුතුමා මෙවන් ඉල්ලීමක් ඔහුට ඉදිරිපත් කළේ ය. එනම් මේ මිහිතලය තුළ ඖෂධයක් නොවන කිසියම් පැළෑටියක් වේ නම් එය සොයාගෙන අවුත් තමන් වෙත නොපමාව ඉදිරිපත් කරන ලෙස ය. දිසාපාමොක් ඇදුරුතුමා පෙන්වා දුන් පෙදෙස වූ සොළොස් ගව්වක ප්‍රමාණයක් ආවරණය වූ භූමි තලයක් සිසාරා විවිධ වෘක්ෂ හා පැළෑටිවල මුල් පොතු, කොළ, කඳ පිළිබඳ ව පර්යේෂණය කළ ජීවක තම වගකීම් කාර්යය නිමා කොට, සිය නිගමනය මෙලෙස හෙළි කළේ ය. මේ මිහිතලය මත එවන් ඖෂධයක් නොවන කිසිදු පැළෑටියක් නොතිබෙන බව ය. දිසාපාමොක් ඇදුරුතුමන් ජීවක මහා ප්‍රාඥ වෛද්‍යවරයකු ලෙස එමගින් අවසන් ලෙස නිගමනය කළ අතර 'ජීවක කෝමාර භච්ච' යන නාමයෙන් ද, (කුමාරෙන පොසාපිතො කොමාරපච්චො) යනුවෙන් ද ඔහු හඳුන්වන ලදි.

වෛද්‍ය ජීවක කෝමාර භච්ච තක්ෂිලා නුවරින් ආපසු තම උපන් ප්‍රදේශයට ඒමට පිටත් ව සිටියදී, සාකේත නුවර අසූකෙළක් ධනය ඇති සිටුවරයකුගේ ඇඹේණිය සත්වසරක් දැඩි හිස රුජාවෙන් පෙළෙමින් සිටි අතර, තම වෛද්‍ය ප්‍රතිකාරයෙන් ඇය සුවය ලැබුවා ය. සතුටට පත් සිටුවරයා සිය ධනයෙන් කහවණු දහසයදහසක් ඔහුට තිළිණ කළේ ය. මේසා විශාල ධනයක් පිරිනැමුවේ කුමකට ද, මා ජීවත් වන්නේ වෛද්‍ය කර්ම කිරීමට විනා ධනය ඉපයීමකට නම් නොවන්නේ යයි හෙතෙම සිතුවේ ය.

ජීවක වෛද්‍යවරයා රජගහනුවරට පැමිණි විට අභයරාජ පියා තම පුතණුවන් පැමිණීම නිසා මහත් සේ සොම්නසට පත්විය. ඔහු සතුට පළ කළේ ජීවක තමාට දාව උපන් බව පවසමිනි. ඉක්බිතිව අභය රාජ කුමරුන් දයාවෙන් ජීවක වෙත තම රජ මැදුරට සමීප ව තවත් මැදුරක් ද තනවා වාසය සඳහා පිළිගැන්වීය.

දෙවනු ව ජීවක වෛද්‍ය - බිම්බිසාර රජු බගන්දරා නම් රෝගයෙන් පෙළෙමින් සිටි බැවින් එම රජුට ප්‍රතිකාර කොට සුවය ලබා දුන්නේ ය.

ජීවක වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මගින් රජතුමාගේ රෝගය සුව වූ අතර ප්‍රමෝදයට පත් රජු ඔහුට 'වෛද්‍ය ශිරෝමණී' නාමය සහිත තනතුරු ද ලක්ෂයක් අගනා නියම් ගමක් ද අඹ උයනක් ද සිය ගණනක් පරිවාර ජනයා ද ප්‍රදානය කරන ලදි.

ජීවක වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මගින් රජතුමාගේ රෝගය සුව වූ අතර ප්‍රමෝදයට පත් රජු ඔහුට "වෛද්‍ය ශිරෝමණී" නාමය සහිත තනතුරු ද ලක්ෂයක් අගනා නියම් ගමක් ද අඹ උයනක් ද සිය ගණනක් පරිවාර ජනයා ද ප්‍රදානය කරන ලදි.

මේ අතර උදේනි නුවර චණ්ඩපජ්ජෝති රජුගේ ආරාධනයෙන් වෛද්‍ය මෙහෙවරක් කිරීමේ අවස්ථාව ජීවකට උදාවිය. ජීවකගේ ප්‍රතිකාර මහිමයෙන් රජුගේ රෝගාබාධ පුදුමාකාර ලෙස නිවාරණය විය. මෙයින් ඉමහත් සතුටට පත් රජු ජීවකට මහා ධන පරිත්‍යාගයක් ද මිල කළ නොහැකි අගනා සළුවක් ද පරිත්‍යාග කරන ලද්දේය. ජීවක මේ අගනා සළුව බුදුන් වහන්සේට පූජා කළ බැව් සඳහන් වේ. රජගහනුවර අසූකෙළක් ධනය ඇති සිටුවරයකු රෝ බියෙන් පසු වූ අතර, ඔහුගේ හදිසි මරණය දින 05 කින් සිදු වන බවට තොරතුරු පැතිරිණ. ජීවක වෛද්‍යවරයාණන්ගේ ප්‍රතිකර්මවලින් සුවය ලැබූ සිටුවරයා තමන්ගේ අසූ කෙළක් ධනය වෛද්‍යතුමන් වෙත පවරමි යැයි සැළකර සිටියේ ය. බරණැස් නුවර (බාරනාසි) සිටුවරයකුගේ රෝගාබාධයකයට ද ප්‍රතිකාර කොට සුවය ලබා දී මහා ධන සම්පත් පරිත්‍යාග පිරිනැමිණ.

ජීවක වෛද්‍ය විශේෂඥවරයාණන් නොබෝ කලෙකින් දඹදිව් තලයෙහි මහා ධනවතෙකු බවට පත් වූ අතර මහමැදුරු සංකීර්ණයකින් සමන්විත ජීවකාම්බ වනයේ හිමිකරු බවට ද පත්විය.

"දික් සඟියෙහි සාමඤ්ඤඵල සූත්‍රයෙහි සඳහන් පරිදි මේ සශ්‍රීක 'ජීවකාම්බවනය' සියලු සම්පත් සමගින් පසු කල බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කරන ලද්දේය.

බුදුන් වහන්සේ සමීප ව ඇසුරු කළ ජීවක වෛද්‍යවරයාණන් උන්වහන්සේ කෙරෙහි දැක්වූයේ අප්‍රමාණ භක්තියකි. ගෞරවයකි. බුදුරදුන් ප්‍රමුඛ සංඝයා වහන්සේ වෙත "ජීවකාම්බ වනය" පූජා කරලීමට පෙරාතුව, බුදුන් වහන්සේට වැඩ සිටීමටත්, භාවනා කිරීමටත්, සරිලන ආකාරයෙන් භාවනා කුටි, ධර්ම දේශන ශාලා, මණ්ඩප, දාන ශාලා, සක්මන් මළු ඇතුළු බෞද්ධ විහාරාංගයක අත්‍යවශ්‍ය ගෘහ නිර්මාණ අංගයන්ගෙන් පරිපූර්ණ සංඝාරාමයක් හෙතෙම ඉදි කර වූයේ ය. ගොඩනැඟිලි හාත්පස අටළොස් රියන් ප්‍රාකාරයක් ද ඉදිකර වී ය. බුදුන් වහන්සේ වඩාත් කැමැත්තෙන් මේ නිස්කලංක සංඝාවාසයෙහි හා ගන්ධකුටියෙහි වැඩ වෙසෙමින් ජීවක සූත්‍රය, සාමඤ්ඤඵල සූත්‍රය, චුල්ලසෙට්ටි ජාතකය ආදී සූත්‍ර රාශියක් දේශනා කරමින් ශාසනික මෙහෙවරෙහි නිරත වූ බව ත්‍රිපිටකයෙන් සනාථ වේ. ජීවක වෛද්‍ය විසින් බුදුන් වහන්සේට විහාරයක් තනා පූජා කළ බව ජීවක සුත්ත වණ්ණනා - පපඤ්චසුදනියෙහි සඳහන් වේ.

ජීවක කෝමාරභච්ච සෝවාන් ඵලයට පත් වූ උපාසකයෙකු බව ද ප්‍රකට වන්නේ ය. ජීවක එක් කලෙක භාග්‍යවතුන් වහන්සේගේ දොස් කිපී පීඩිත ව පැවති ශරීරය සැහැල්ලු වන ආකාරයට විරේක කරවා සිවෙය්‍යක වස්ත්‍ර යුගලය පූජා කොට වස්ත්‍ර දන්දීම නිසා කළ අනුමෝදනාව අවසන සෝවාන් ඵලයෙහි පිහිටියේ යැයි ද සඳහන් වේ

"ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේ සරණ යමි, භික්ෂු සංඝයා සරණ යමි. ධර්මරත්නය සරණ යමි. "ජීවක සුත්ත වණ්ණනා - පපඤ්චසුදනිය" ඒ බව සඳහන් කර ඇත. දම්රජාණෝ ජීවකයනට කළ ධර්ම දේශනය - මජ්ඣිම නිකායේ - ජීවක සූත්‍රයෙහි සඳහන් වන්නේ ය.

මහාවග්ගයේ විවරක්ඛන්ධක යේ සඳහන් මෙම කොටසින් ජීවක වෛද්‍යවරයාණන් බුදුන් වහන්සේගේ ශරීරයේ ඌෂ්ණාධික අවස්ථා නිවාරණය කොට ශරීර සුවය ලබාදීමට ඉවහල් වී ඇත. ඒ මෙසේ ය.

ජීවක විසින් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ දොස් කිපී සිටි අවධියක, භාග්‍යවතුන් වහන්සේට තිස් වසරක විරේකය සඳහා බෙහෙත් ප්‍රතිකාර කර ඇත. එක් එක්වර විරේක ප්‍රතිකාර බේත් ගැනීමෙන් පසු උණු දිය ස්නානය කළ යුතු බැව් සඳහන් වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය මේ ප්‍රතිකාර මාලාව මගින් ප්‍රකෘති තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සිනිඳු ආහාර ගැළපේ යැයි ද නිගමනය කොට ඇත. අනතුරුව ගෞතමයාණන් වහන්සේගේ ශරීරය මද කාල පරිච්ඡේදයකින් අනතුරුව ප්‍රකෘති තත්ත්වයට පත් වී ඇත.

(විවරක්ඛන්ධකය - මහාවග්ගය.)

බුදුන් වහන්සේ වැඩ සිටි තවත් විහාරයක් වූ "මද්දකුච්චි විහාරය" ජීවකාම්බ වනය නුදුරින් පිහිටි එකකි. පාපතර දෙව්දත් තෙර ගිඡ්ජකුට පර්වතයේ උඩ සිට බුදුන් වහන්සේ ඝාතනය කිරීම සඳහා මහගල් පෙරළීය. ක්ෂණයෙන් පොළොවෙන් මතු වූ ආධාරක කළුගල් මගින් බුදු සිරුරට රක්ෂාවරණය සලසන ලදි. එහෙත් මේ අවස්ථාවේ දී කැඩී ගිය ගල් පතුරක් වැදීමෙන් බුදු සිරුරට වේදනාවක් ඇති වූ අතර උන්වහන්සේට පියනගා ගමන් කිරීමට පවා දුෂ්කර විය. එහි දී භික්ෂූන් වහන්සේ මේ ස්ථානයට පැමිණ මඤ්චසිවිකාවක බුදුන් වහන්සේ හොවා වඩා හිඳුවා - මද්දකුච්චි විහාරයට ඔසවා වැඩම කරවා ගෙනා අතර, එතැන් සිට ජීවකාම්බ වනයේ උන්වහන්සේ වැඩ සිටින ගන්ධකුටියට නැවත ඔසව ගෙන එන ලද්දේය. එහි දී බුදුන් වහන්සේට ප්‍රතිකාර කරලීමට කැඳවන ලද්දේ උන්වහන්සේගේ ජීවක වෛද්‍යවරයාණන්ට ය. ජීවක වෛද්‍යවරයාණන්ගේ ප්‍රතිකාර මගින් සියලු ශාරීරික අපහසුතා දුරු වූ අතර, බුදුන් වහන්සේට නැවත ශාරීරික සුවය ළඟාවිය. පාපතර දේවදත්ත බුදුන් වහන්සේගේ ලේ සෙලවීමේ පාපකර්මය නිසා අපාගත විය.

භික්ෂූන් වහන්සේගේ සෞඛ්‍ය සම්පන්න බව

රැකදීම සඳහා බුදුන් වහන්සේ ජීවක වෛද්‍යවරයාණන්ගේ අනුශාසනා ඒ ආකාරයෙන් ම පිළිගත් බවත් ත්‍රිපිටකයේ සඳහන් වලින් සනාථ වේ. රස බොජුන් වළ¹ ශරීරයට නිසි ව්‍යායාම නොලැබ වාසය කිරීමෙන් භික්ෂු සංඝයා වහන්සේ ශාරීරික රෝගාබාධයනට ගොදුරු වන බව පළමුවෙන් ම පෙන්වා දී ඇත්තේ ජීවක වෛද්‍යතුමන් ය. ශාරීරික සෞඛ්‍ය රැකෙන ආකාරයෙන් සක්මන් භාවනාවෙහි යෙදීම, ආරණ්‍ය - සංඝාවාස - නිවහන, ගෙවත්ත නිසි ලෙස අතුපතු ගා පිරිසිදු කිරීම ආදී ක්‍රියාවන්හි භික්ෂු - භික්ෂුණිය නිරතවීම සුදුසු බව බුදුන් වහන්සේ ඒ අනුව සසුන දැනුවත් කර ඇත.

ජීවක, තුන්ලෝකාග්‍ර ශාන්ති නායක බුදුරදුන්ගේ වෛද්‍යවරයා බවට පත්වීමට තරම් වූ කුසල කර්මයන්ගෙන් පිරුණු මහෝත්තමයකු විය. මහණෙනි, යම් කෙනෙක් මට උවටැන් කරන්නේ නම් ඔහු විසින් ගිලනුන්ට උපස්ථාන කළ යුතු යැයි වදාළහ. (මහාවග්ගපාලි) ජීවක වෛද්‍යවරයා තමන් හරිහම්බු කරගත් කෝටි ගණන් ධනය බුද්ධ ශාසනික කටයුතුවලට නිර්ලෝභී ව පිරිනැමූ අතර, අන්‍යාගමික බැතිමතුනට වෙනසක් නැතිව ධන පරිත්‍යාග කර ඇත.

ජීවක වෛද්‍යවරයා සිය දිවියෙහි අවසාන කාලයෙහි බුදු සසුනෙහි පැවිදි වූ අතර මාර්ගඵල ලැබූ ප්‍රසන්න පුද්ගලයන් අතර ප්‍රධාන තැන ජීවකට හිමිවිය යුතු ම යැයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. (අංගුත්තර නිකාය)

භාර්හුට් ස්ථූපයෙහි ඇති 'භාර්හුට් කැටයමක' ජීවක අඹ වනයෙහි මණ්ඩමාල නම් වූ නිසීදක ශාලාව විදහා පෙන්වා දක්වා ඇත. ජීවක අඹ වනයෙහි ගොඩනැඟිලි සංකීර්ණය එදවස බුදුන් වැඩ සිටි කාලයෙහි ව්‍යාප්ත ව ඉදි වී තිබිණි. මේ සංකීර්ණයේ චතුරස්‍රාකාර ගොඩනැඟිලි නටබුන් හමු වී ඇත. ඒ අතර භාජන, පාත්‍ර, දීසි, කෝප්ප ආදී උපකරණ රාශියක නටබුන් ද ඉන්දීය පුරාවිද්‍යාඥයන් සොයා ගෙන ඇත.

තථාගතයන් වහන්සේ ලෝවැසියන්ගේ දුක් කම්කටුලුවලට වෙදකම් කළ මහා වෙදාණන් 'භෙසඡ්ජගුරු' ලෙස අංගුත්තර නිකායේ සඳහන් වේ.

ආචාර්‍ය සිරි නිස්සංක පෙරේරා</> 

දිවයින 01/05/2011 හා 08/05/2011


Friday, October 27, 2017

ආයුර්වේද ස්වේද කුටී ප්‍රතිකාර

ස්වේදනය යනු කුමක්ද?

අතීතයේ සිටම විවිධ රෝග නිවාරණය කිරීමේ ක්‍රමවේදයක් ලෙස ස්වේද කර්මය  භාවිතා වී ඇත. ෆින්ලන්තයේ saunas, තුර්කියේ baths සහ ජපානයේ steam rooms  එවැනි සාම්ප්‍රදායික ස්වේද කර්ම වේ.අභ්‍යංගයෙන් අනතුරුව සිදු කරන පුරාණ ආයුර්වේද ප්‍රතිකාරයක් ලෙස ස්වේදනය භාවිතා කෙරේ.

ආයුර්වේදයේ දී, ස්වේද යන පදයෙන් අදහස් වන්නේ සිරුරේ දහඩිය දැමීම මගින් සිදුකෙරෙන ප්‍රතිකාරය යි. මෙම ප්‍රතිකාරය ශරීරයේ ප්‍රකුපිත වූ දෝෂ හෝ විෂ ද්‍රව්‍ය බැහැර කිරීමට භාවිතා වේ.එමෙන්ම පුද්ගලයෙකු දෝෂ සමතුලිතාවය ඇති කිරීමටත් නීරෝගිතාවය ප්‍රවර්ධනයටත්  උපකාර කරයි.

ස්වේදනයේ චිකිත්සීය ප්‍රතිලාභ:-

• විෂ ද්‍රව්‍යය ඉවත් කිරීම

මෙම ඉපැරැණි ප්‍රතිකාරය මගින් ශරීරයේ ගැඹුරු පටක වලින් විෂ ඉවත් කරයි. මෙහි මූළධර්මය වනුයේ සිරුරේ දහඩිය පිටවන විට ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය සම හරහා ශරීරයෙන් පිටතට ගමන් කරයි.

• රුධිර සංසරණය වැඩි දියුණු කරයි

මෙම ක්‍රමයේ ප්‍රධාන අරමුණ වන්නේ සිරුරේ උෂ්ණත්වය වැඩි කිරීමයි. මෙහිදී ස්වේදනය නිසා රුධිර වාහිනී නාළිකා විස්තාරනය වීමෙන් සිරුරේ රුධිර සංසරණය වේගවත් වේ.

• බර අඩු කිරීම

ස්වේදනය  සුවිශේෂී ප්‍රතිලාභයක් වනුයේ ශරීරයේ බර අඩු කර ගැනීමට උපකාරී වීමයි. හොදින් දහඩිය දැමීම මගින් ශරීරය තුල ඇති මේද පටක අඩු කරයි, එමගින් බර අඩු කර ගැනීමට සහාය වේ.

• සමට ඇතිවන ප්‍රතිලාභ

ස්වේදනය ඔබේ සම නිරෝගී සහ දීප්තිමත් ලෙස තබා ගැනීමට උපකාරී වේ. තවද සමේ කුරුලෑවෙන් ඉවත් කරයි. සමේ වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී වීම සහ සමට කඩා වැටීමෙන් වැළැක්වීමට ද උපකාරී වේ.

• ශ්වසන පද්ධතිය පිරිසිදු කිරීම

මෙම ඉපැරණි චිකිත්සාව ඇදුම හා අසාත්මිකතාවන්ගෙන් පෙළෙන අයට සහනයක් ලබා දෙයි. වාෂ්පය ආශ්වාස කිරීමෙන්, ශ්වසන පද්ධතිය පිරිසිදු වන අතර පුද්ගලයාට පහසුවෙන් හුස්ම ගැනීමට හැකි වනු ඇත.

• ආතතිය අඩු කරයි

මෙම ආයුර්වේද වාෂ්ප චිකිත්සාව මනස හා ශරීරය සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. මනස ලිහිල් කිරීමට සහ මානසික  ආතති වලින් ලිහිල් වීමට මෙම ප්‍රතිකාර  බලපායි.

• වෙනත් චිකිත්සක ප්‍රතිලාභ

එය ශරීරයේ දෘඩතාවය වලක්වා මෘදුතාවයට පත් කරයි.සාමාන්‍යයෙන්  ශරීරය ඇතිවන පීඩනයන් සදහා  සහනයක් ලබා දෙයි. උගුරේ පේශි ලිහිල් කිරීමට උපකාරී වේ. සන්ධි වේදනාවන්ට සහනයක් ලබා දෙයි. එය සම අලංකාර කිරීමට උපකාරී වේ.ප්‍රදාහය අඩු කිරීමට උපකාරී වේ.මානසික ආතතිය අඩු කිරීමට උපකාරී වේ.

ස්වේද කුටීර ප්‍රතිකාරයක්  සිදුවන ආකාරය :-

අභ්‍යංගයෙන් අනතුරුව ස්වේද කර්මයට ලක් කරනු ලබන පුද්ගලයාගේ හිස හැර සිරුරේ අනෙක් කොටස ස්වේද පෙට්ටිය තුලට ඇතුල් කරනු ලැබේ.

එහිදී පුද්ගලයා විනාඩි 10 සිට විනඩි 30 ක් පමණ කාලයක් තිස්සේ ඖෂධ තම්බන ලද වාෂ්පයෙන් පුරවා ඇති වාෂ්ප පෙට්ටියෙහි රදවා සිටී.

මෙහිදී යොදාගන්නා ඖෂධ එක් එක් පුද්ගලයාගේ දේහ ප්‍රකෘතිය,රෝගී නිරෝගී බව,වයස ආදී නොයෙක් කරුණු මත තීරණය කිරීම ආයුර්වේද වෛද්‍යවරයා විසින් සිදු කරනු ලැබේ.

එමෙන්ම මෙම ක්‍රියාවලියේදී සිරුරේ ප්‍රධාන අවයව වලට තාපයෙන් සිදුවිය හැකි අබාධ වළක්වා ලීමට අවශ්‍ය උපක්‍රම වෛද්‍යවරයා විසින් යොදනු ලැබේ.

මෙම චිකිත්සාව පුද්ගලයාගේ සමේ ගැඹුරින්ම රැදී ඇති  විෂ ද්‍රව්‍යයන් ඉවත් කිරීමට උපකාරී වේ.

මෙම වාෂ්ප ප්‍රතිකාරය පුද්ගලයෙකුට සැබැවින්ම විනෝදජනක සහ ප්‍රබෝධජනක අත්දැකීමක්.තවද මෙම ප්රතිකාරයේදී ශරීරය ඖෂධීය වාෂ්ප මගින් පෝෂණයක්ද වේ. ඒ පුද්ගලයා සුවපහසු හා ප්‍රශංසනීය තත්ත්වයකට පත්වේ.

ඔබ තවමත් මෙම විශ්මිත ප්‍රතිකාරය ලබා ගෙන නැතිනම් ලගම ඇති පිළිගත් ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානක් වෙත ගොස් වරක් හෝ ලබාගෙන ඒ අත්දැකීම විදගන්න.අනිවාර්යයෙන්ම එහිදී ඔබේ සිරුරට මනසට ඇතිවන සැහැල්ලුව නිසාම ඔබ නැවත එම ප්‍රතිකාර සිදුකරගැනීමට යොමු වනවා නොවනුමානයි.එයයි මෙහි විශේෂත්වය.

උදාර ජයසුන්දර - Udara jayasundara

ජීවක අසපුව
Jeewaka Asapuwa

Thursday, October 26, 2017

ආයුර්වේද ශරීර සම්භාහනයක නිසැක ප්‍රයෝජන


ආයුර්වේද සම්භාහනයක ප්‍රතිලාභ

වර්තමානයේ වේගයෙන් ක්රියාත්මක වන ජීවන රටාව අපගේ ශරීරය විවිධ රෝග වලට භාජනය වීමට ඉඩ සලසයි. සැකසූ ආහාර දිනපතා පරිභෝජනය, ආලේපනවල ඇති සැඟවුණු දැඩි රසායනික ද්‍රව්‍ය අපගේ ප්‍රතිශක්තිය අඩු කරයි. කොටින්ම දියවැඩියාව, රුධිර පීඩනය හා අනෙකුත් රෝග සඳහා යොදා ගන්නා ඖෂධ පවා භයානක අතුරු ඵල සහිතයි.

එසේ නම් අපට කල හැක්කේ කුමක්ද ?

සොබාදහම සමග නැවත සම්බන්ධ වීමෙන් යහපත් ජීවන තත්ත්වයක් කරා ඉදිරියට යා හැකිය. ආයුර්වේදය යනු අතීතයේ සිටම ස්වභාවධර්මය සමග නිරතුරුවම සම්බන්ධ වන් විද්‍යාවකි. එබැවින් අපගේ ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා ආයුර්වේද ප්‍රතිකාර යොදා ගත හැකිය. එවැනි ප්‍රතිකාර ක්‍රමයක් වන් ආයුර්වේද සම්බාහනය අද දින ඉතා ජනප්‍රය වෙමින් පවතී. එහි ප්‍රතිලාභ බොහෝමයකි.

ස්වාභාවික තෙල්:

ආයුර්වේද සම්බාහන සඳහා භාවිතා කරන තෙල් සැකසීමට යොදා ගන්නේ ඖෂධ පැළෑටි වලින් නිස්සාරණය කල දෑ වන අතර ඒවායේ රසායනික ද්‍රව්‍ය, කෘතිම සංරක්ෂණ කාරක හෝ වර්ණ භාවිතා නොවේ. එබැවින් ආයුර්වේද සම්බාහනය තුළ කිසිදු විෂ ද්‍රවයක් අපේ සිරුරට ගෙන නොයනු ඇත. ඇත්ත වශයෙන්ම එය අපේ ශරීරයට හොඳ ස්වභාවික තෙල් වර්ග අවශෝෂණය කර දෙයි. එවැනි තෙල් වර්ග අපගේ ශරීරයට ඇතුලු වූ පසු ශරීරය යෝග්‍ය පරිදි ස්වාභාවිකව අනුවර්තනය  වේ. ආයුර්වේද වෛද්ය මධ්යස්ථානයක සිටින  ආයුර්වේද වෛද්යවරයෙකු විසින් සෑමවිටම ඔබගේ සිරුරේ ස්වාභාය අනුව සම්භාහනයට යෝග්‍ය තෙල නිර්ණය  කරනු ලැබේ. සම්පූර්ණ සිරුර සම්බාහනය මගින්  ඔබේ ශරීරය සහ මනස තුල සැබෑ ලිහිල්කරණය හා සමබරතාවය ගෙන ඒම සඳහා සිරුරට ඇතුල් වන ඔසු මගින් මෙම උණුසුම් තෙල් දායක වේ.

වෛද්‍යමය වැඩිදියුණු කිරීම:

ආයුර්වේදය සම්භාහනයකින් ලැබිය හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහෝය. මෙම ආකාරයේ සම්භාහනයකින් මුළු සිරුරම ආලෝකවත් කරයි. විශේෂයෙන්  හිස සහ මුහුණ සම්බාහනය තුළින් ඔබගේ පෙනීම වැඩි  දියුණු වේ. ශරීරයේ සමස්ථ ප්‍රතිශක්තිකරණය,රුධිර සංසරණය වැඩි කරන අතර විවිධ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් උත්තේජනය කරයි. පිත්ත සහ වාත දෝෂයන් ශමනය කරයි. තවත් ආයුර්වේද සම්බාහන ක්‍රමයක් වන "උදාවර්තනය" මගින් කඵ හරණයක් සිදුවේ. සෞඛ්ය සම්පන්න පුද්ගලයෙකු සඳහා සිදුකරන ලද හොඳ සම්බාහනයකින් ඔහුගේ ත්‍රිදෝෂ සමතාවය වේ.

යෞවනත්වය

යෞවන වයසේ රැඳී සිටීමටත් හමරැලි වැටීමෙන් වයසක පෙනුමක් ලැබීමෙන් වැලකී සිටීමටත් වෙහෙසෙන අයට ආයුර්වේදීය සම්බාහනය ඉතාමත්ම හොද ස්වභාවික ප්‍රතිකාරයක්. ආයුර්වේද ප්‍රතිකාරයේදී භාවිතා කරන සගන්ධ තෙල් ස්වභාවික සහ පිරිසිදු අතර සමට ප්‍රතිලාභ ගණනාවක් ඇත. වර්තමානයේදී බොහෝදෙනා මුහුණේ මාංශ පේශි රැලිවැටීමෙන් වලක්වාගැනීමට බූටෙක්ස් එන්නත් ලබා ගැනීම සිදුකරත් එවැනි ක්‍රමවේද වල ප්‍රතිවිපාක බොහෝමයකි. නමුත් කිසිදු අතුරු ආබාධයකින් තොරව මුහුණ සම්භාහනයෙන් වඩාත් සුන්දර පෙනුමක් පවත්වාගෙන යාමට හැකිබව දන්නා අය අත්තේ ඉතාම සීමිත ප්‍රමාණයකි.

මෙයින් ඔබේ මුහුණ ඇති වන වයස යන ලක්ෂණ නැතිකරනවා පමණක් නොව  ඔබට තරුණ පෙනුමක් ලබාදෙන බව මෙහිදී සිහිපත් කලයුතුය.

පීඩන සහන:

ශරීරයට අහිතකර බලපෑම් ඇති කරන කාර්යබහුල ජීවන රටාවක් ඔබටත් තිබේ නම් ආයුර්වේද සම්බාහනයකින් ඒ සදහා සහනයක් සොයාගත හැකිය. ආයුර්වේද සම්බාහනය ඔබේ ආතතිය නැති කරනවා පමණක් නොව ශරීර පටකවලට  නැවුම් බලයක්ද ලබා දෙනු ඇත.

මෙලෙස නිවැරැදි ආයුර්වේද සම්භාහනයක් තුලින් ඔබට ලැබෙන ප්‍රයෝජන බොහෝමයක් ඇති අතර තවමත් ඔබ ඒ සදහා යොමු වී නැත්නම් පිළිගත් ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් වෙතට යොමුවන්නට දැන් ඔබට අවස්ථාව.

Monday, October 23, 2017

සුවැති දිවියක් සදහා ආයුර්වේද වාජීකරණ තන්ත්‍රය

ලිංගිකත්වය, ආයුර්වේදය අනුව, මිනිස් ජීවිතයට ආහාර හා නිදා ගැනීම වැනි අත්යවශ්ය වේ.ආයුර්වේදය දැඩි ලෙස පවසන්නේ මිනිස් ලිංගිකතාවය යනු හුදෙක් ශාරීරිකව සංවාසය පමණක් නොව සහකරුවන්ගේ ශරීර, මනස හා ආත්මයන් එක්වීමකි.

වජිකරණය (Aphrodisiac Medicine) යනු ආයුර්වේදයේ ශාඛා අට අතරින් එකකි.

ආයුර්වේදයට අනුව  සහකරුවන් දෙදෙනාටම තෘප්තිමත් ලිංගික අත්දැකීමක් තිබිය යුතුය. කීර්තිමත් පුරාණ ආයුර්වේද කෘතියක් වන  චරක සම්හිතාවේ සඳහන් වන්නේ මිනිසාට හොදම වාජීකරණය වනුයේ ඔහුට ආදරය කරන සහකාරියයි.

වාජීකරණය යන මාතෘකාව සාකච්ඡා කිරීම වර්තමානයේදී වැදගත් වනුයේ මක් නිසාද යත් නූතන දියුණුයැයි කියාගන්නා සමාජය තුල  දික්කසාද වීම සදහා වැඩි වශයෙන් බලපාන්නේ නිවැරැදි ලිංගක ජීවිතයක්(sex life)නොමැති වීමයි.ලිංගික දුරාචාරය විවාහයේ අසාර්ථක වීමේ ප්රධාන හේතුවයි.

වජිකරණය:-

'වජි' යනු අශ්වයා ලෙස අර්ථ ගැන්වෙන අතර ' වජිකරාණය'යන වචනයේ අර්ථය වන්නේ මෙම චිකිත්සාව මගින්  අශ්වයෙකුගේ මෙන් වැඩි ලිංගික  හැකියාවක් මිනිසාට ලබා දෙන බවයි.එපමණක් ද නොව  වජිකරණ චිකිත්සාව මගින් , ශුක්‍රාණු වල ගුණාත්මකභාවය සහ ප්‍රමාණත්මකභාවයය වැඩි දියුණු කිරීමත්,ලිංගික කාර්ය්‍යයෙහි යෙදීමට ඇති කැමත්ත වැඩිදියුණු කිරීමත්, වදභාවය නැති කිරීමත් ආදී බොහෝ කටයුතු සිදුවේ.

අනෙක් අතට, එය පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික සෞඛ්යය වැඩිදියුණු කිරීම නිසා එය යහපත් සෞඛ්ය සංරක්ෂණය හා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතා ප්රයෝජනවත් වේ.

වජිකරණය මගින් මූලිකව,

1. කෙනෙකුගේ හැඟීම් පාලනය කරගැනීම සඳහා හික්මුණු ජීවන රටාවක්.

2. ප්‍රජනනය කාර්ය්‍ය සදහා අවශ්‍ය වටපිටාව.

3. මෙම ලිංගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වජිකරනා ඖෂධ (ඇෆ්ගනිස්ථානයේ ඖෂධීය සූත්ර) භාවිතය.
අරමුණු කෙරේ.

ආයුර්වේදය අනුව වජීකරණ ප්‍රතිකාර සඳහා සුදුසුකම් :-

1. වයස අවුරුදු 18 ත් 70 ත් අතර පුද්ගලයන්ට වජීකරණ ප්‍රතිකාර කළ යුතුය.

2. මෙම ප්රතිකාර කළ හැක්කේ ස්වයං පාලිත පුද්ගලයෙකුට පමණි. මෙම චිකිත්සාව ස්වයං පාලනයක් නොමැති පුද්ගලයෙකුට කළ හොත්, ඔහුගේ සමාජයේ නීති විරෝධී ලිංගික ක්රියා හරහා සමාජයට අපහාසයක් සිදුවේ.

වජීකරණ  චිකිත්සාවේ ප්‍රතිලාභ:-

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ එන වාජීකරණ ප්‍රතිකාර හරහා ලිංගික ක්‍රියාවන් සඳහා අවශ්‍ය කායික මානසික ශක්තිය වර්ධනය කිරීම සිදුකරනු ලැබේ. එම ප්‍රතිකාර හරහා හොඳ ශක්තිවන්ත පුද්ගලයකු සමාජයට බිහිකිරීම සිදුකෙරේ. එදා වාජීකරණ ප්‍රතිකාර අවශ්‍ය වූයේ සමාජ අවශ්‍යතාවයන් පවත්වා ගැනීමටය. නමුත් අද වනවිට ඒ තත්ත්වය බොහෝදුරට වෙනස් වී ඇති අතර වර්තමානයේ බොහෝ දෙනා වාජීකරණය කෙරෙහි යොමුවන්නේ ලිංගික ජීවිතයේ සතුට වර්ධනය කර ගැනීම සඳහාය. කෙසේ වෙතත් නිරෝගී ජනතාවක්, නිරෝගී මානසිකත්වයක් වගේම සමාජ සම්බන්ධතා තිබෙන පවුලක්, සතුටෙන් සිටින මිනිස්සු බිහිකිරීම මෙම ප්‍රතිකාර ක්‍රමයේ සැබෑ අරමුණය.

ඉන්දියාවේ හොදම ආයුර්වේද වෛද්‍ය විද්‍යාල

ඉන්දියාවේ හොඳම ආයුර්වේද වෛද්‍ය විද්යාල

1. ශ්රි ධන්වන්තරී ආයුර්වේද විද්යාලය, චන්දිගාර්

ආයුර්වේද වෛද්ය අධ්යයනය හා ප්රතිකාර පිළිබඳ විශිෂ්ටතම මධ්යස්ථානයක් වන ශ්රි ධන්වන්තරී ආයුර්වේද විද්යාලය 1975 දී චන්දිගර්හි ආයුර්වේදයේ වර්ධනය හා සංවර්ධනය සඳහා අනුගාමිකයන් පිරිසක් පිහිටුවන ලදී. මෙම විද්යාලය BAMS (උපාධිධාරී) සහ පශ්චාත් උපාධි පාඨමාලා පිරිනමයි. 46 බී, චන්දිගාර්හි පිහිටා ඇත. නවීන පහසුකම් සහිත සුපිරි විශේෂිත ආයුර්වේද සේවාවන් ඇත. මෙම විද්යාලය පන්ජාබ් විශ්ව විද්යාලයට අනුබද්ධිත පවතී. BAMS පාඨමාලාව ට ඇතුලත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 50 කි.

2. රාජිව් ගාන්ධි, සෞඛ්ය විද්යා සරසවිය, බැංගලෝරය

කර්නාටක රජය විසින් 1996 දී බැන්ගාලෝ නගරයේ දී රජිව් ගාන්ධි සෞඛ්ය විද්යා සරසවිය ආරම්භ කරන ලදී. 680 ක් පමණ ආයතන මෙම විශ්වවිද්යාලයට අනුබද්ධ වේ. වෛද්ය විද්යාව, දන්ත වෛද්ය විද්යාව, ආයුර්වේද, හෝමියෝපති, යෝගා සහ නටෝරොපති, යුනානි, භෞත චිකිත්සාව, ඖෂධ, හෙද, සහ අනුබද්ධ විද්යාපීඨ වැනි සෞඛ්ය විද්යා පාඨමාලා පවත්වනු ලබයි. විශ්ව විද්යාලය ආයුර්වේද පාඨමාලා - BAMS, MS සහ MD යන පාඨමාලා ඉදිරිපත් කරයි.

3. ගුජරාට් ආයුර්වේද විශ්ව විද්යාලය, ජම්නගර්

ගුජරාට් ආයුර්වේද විශ්ව විද්යාලය යනු ගුජරාට් රජය විසින් පූර්ණ වශයෙන් අරමුදල් සපයන ලද ස්වාධීන සංවිධානයකි. 1967 දී ජම්නගර්හි විශ්ව විද්යාලය පිහිටුවන ලදී. ෛජව විද්යාව, BAMS, MD (අයු), B. ෆාර්මා(අයු), ඩී ෆාර්මා(අයූ),එම්. ෆාර්මා(අයූ), යෝගා  වැනි පාඨමාලා පවත්වයි.

4. කල්කටා ජේබී රෝයි රාජ්ය වෛද්ය විද්යාලය

ජේ.බී. රෝයි වෛද්ය විද්යාලය යනු ඉන්දියාවේ පැරණිතම ආයුර්වේද විද්යාලයයි. විද්යාලය 1916 දී ස්ථාපිත කරන ලදී. මෙම විද්යාලය BAMS උපාධි පිරිනමනු ලබන්නේ 60 ක පමණ ධාරිතාවයක් සහිතවය. එය සෞඛ්ය විද්යා පිළිබඳ බටහිර බෙංගාල විශ්වවිද්‍යාලයට අනුබද්ධිත වේ.

5. ආයුර්වේද වෛද්ය විද්යාලය, කොල්හාපූර්

ආයුර්වේද වෛද්ය විද්යාලය, කොල්හාපූර් 1989 දී ආරම්භ කරන ලද අතර, නෂික්හි සෞඛ්ය විද්යා මහාරාශ්ඨා විශ්වවිද්යාලයට අනුබද්ධිත වේ.මෙම විද්යාලය BAMS උපාධිය පිරිනමන අතර නවීන පහසුකම් සහ යටිතල පහසුකම් සඳහා ප්රසිද්ධ වේ.

6.ලක්නව්හි රාජ්ය ආයුර්වේද විද්යාලය

ලක්නව් විශ්ව විද්යාලයට අනුබද්ධිත රාජ්ය ආයුර්වේද විද්යාලය සහ රෝහල පිහිටුවා ඇත.එය ආයුර්වේදය තුළ උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා සපයයි.

7. ශ්රි ආයුර්වේද මහවිද්‍යාලය, නාග්පූර්

ශ්රී ආයුර්වේද මහාවිද්යා ආයතනය ප්රමුඛ ආයතනයක් වන අතර එය නවීන පහසුකම් සහ ගුණාත්මක අධ්යාපනයක් ලෙස සැලකේ. මෙම ආයුර්වේද මධ්ය මහා විද්යාලය 1953 දී ස්ථාපනය කරන ලදී. මෙම විද්යාලය, නෂික්හි සෞඛ්ය විද්යා විශ්ව විද්යාලයට අනුබද්ධිත ආයතනයකි. එය උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා ඉදිරිපත් කරයි. උපාධි අපේක්ෂක පාඨමාලාවේදී, විද්යාලය 13 ක් සඳහා ඉදිරිපත් කරයි.

8. රිෂිකුල්ලා රජයේ පී.ජී. ආයුර්වේද විද්යාලය හා රෝහල, හර්ද්වාර්

රිෂිකුල් රාජ්ය ආයුර්වේද විද්යාලය යනු 1919 දී Haridwar හිදී පිහිටුවන ලද පැරණිතම ආයුර්වේද විද්යාලයයි. පන්ච කර්ම චිකිත්සකවේදී BAMS, MD (Ayu), පාඨමාලා ඇත. එහි ගුණාත්මක අධ්යාපනය සහ සිසු සිසුවියන් සඳහා වූ කලාව පිළිබඳව ප්රසිද්ධය.

9.දයානන්ද ආයුර්වේද විද්යාලය, ජලාන්හාර්

දයානා හා ආයුර්වේද විද්යාලය 1989 දී ලාහෝර්හි මහාමාමා හෑන්ස් රාජසිංහ විසින් පිහිටුවන ලද නමුත් 1947 දී එය වෙන් කිරීම හේතුවෙන් අම්රිට්සාර්හි නැවත ස්ථාපනය කරන ලද අතර 1953 දී ජලාන්හාර් වෙත මාරු විය. එය BAMS, පන්ච්කර්මා සහ ඖෂධය පිළිබඳ පාඨමාලා පිළිබඳ පාඨමාලා හදාරා ඇත. මෙම විද්යාලය පන්ජාබ් විශ්වවිද්යාලයට අනුබද්ධ වේ.

10. අශ්ඨාංග ආයුර්වේද විද්යාලය, ඉන්දු

මෙම ආයුර්වේද විද්යාලය ඉන්දියාවේ පැරණිතම ආයුර්වේද විද්යාල අතරින් එකකි. එය 1921 දී පිහිටුවන ලද අතර 1964 දී දේවි අහිල්ය විශ්ව විද්යාලයයට සම්බන්ධ වූ අතර 1972 දී ඇන්තහාන් ආයුර්වේද විද්යාලය ලෙස නම් කරන ලදී. මෙම විද්යාලය BAMS, ආයුර්වේද කතිකා සහතික පත්ර පාඨමාලාව සහ ආයුර්වේද මහිල සෞඛ්ය සේවක සහතික පත්ර පාඨමාලාව ඇත. BAMS පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ හැකියාව 40 කි.

11. ජාතික ආයුර්වේද ආයුර්වේදය, ජායිපූර්

ආයුර්වේද ජාතික ආයුර්වේද ආයතනය 1976 පෙබරවාරි මස 7 වන දින සෞඛ්ය අමාත්යාංශය හා පවුල් සුභසාධන අමාත්යාංශය විසින් පිහිටුවන ලදී. ආයතනය ජාතික වශයෙන් මෙන්ම ජාත්යන්තරව ද හැඳින්වේ. එය ඉගැන්වීම, පුහුණුව, පර්යේෂණ සහ රෝගියාගේ ආරක්ෂාව සඳහා ප්රසිද්ධ වේ. AYUSH හෙද හා ඖෂධවේදී උපාධිය, BAMS උපාධි, වැනි පාඨමාලා ඇත.

12. මුම්බායි ආයුර්වේද මහවිද්‍යාලය

1948-49 දී පිහිටුවන ලද ආයුර්වේද ප්රසාක් මැන්ඩල්හි කොටසකි. මෙම විද්යාලය උපාධි අපේක්ෂක (BAMS) සහ පශ්චාත් උපාධි (MD) පාඨමාලා. BAMS සඳහා වන ධාරිතාව 40 කි.

13. නව දිල්ලිය ආයුර්වේද හා යුනානි ටිබියා විද්යාලය

1889 සිට ආයුර්වේද හා යුනානි ටිබියා විද්යාලය එහි ඉතිහාසය සලකනු ලබයි. මෙම විද්යාලය දිල්ලියේ විශ්ව විද්යාලයට අනුබද්ධිත වේ. BAMS සහ BUMS පාඨමාලා සඳහා පාඨමාලා හැදෑරිය හැකිය. අධ්‍යන අංශ 14 ක් සහ සිසුන්ට ප්රායෝගික පුහුණුව ලබාදෙන ඇඳන් 150 ක් සහිත රෝහලක් ඇත. පශ්චාත් උපාධි පාඨමාලා (MD) ද පිරිනමනු ලැබේ.

14. භරති විඡේරත්න, පූනේ

භාරතී Vidyapeeth Deemed විශ්ව විද්යාලයේ ආයුර්වේදය ජාතික හා ජාත්යන්තර වශයෙන් දන්නා කරුණකි. එය නවීන පහසුකම්වලින් සමන්විත වේ.

15. ශ්රි ක්රිෂ්ණා රජයේ ආයුර්වේද විද්යාලය, කුරුක්ෂේත්රා

ශ්රි ක්රිෂ්ණා රජයේ ආයුර්වේද විද්යාලය 1975 දී ස්ථාපනය කරන ලදී. මෙම විද්යාලය Kurukshetra විශ්ව විද්යාලයට අනුබද්ධිත වේ. මෙහි BAMS පාඨමාලාව හැදෑරිය හැකිය. එය අධ්‍යන අංශ 14 කින් සමන්විතය. රෝහල ඇඳන් 100 කින් සමන්විතය. ශ්රි ක්රිෂ්ණා රජයේ ආයුර්වේද විද්යාලය හර්යානා රජයේ රජයේ ආයුර්වේද විද්යාලයයි.

16. රජී ගාන්ධි රජයේ ආයුර්වේද විද්යාලය, කන්ගරා

රජිව් ගාන්ධි රජයේ ආයුර්වේද විද්යාලය 1966 දී පිහිටුවන ලදී. එය BAMS සහ MD (Ayu) පාඨමාලා පිරිනමයි

17. ජාතික විද්යා පීඨය, විජයවාදය

ජාතික විද්යා පීඨයේ සෞඛ්ය විද්යා සරසවියේ අනුබද්ධ ආයතන හතෙන් BAMS පාඨමාලා ඉදිරිපත් කරයි

18. රජයේ ආයුර්වේද විද්යාලය, රයිපූර්

1948 දී මෙන් රයිපූර් රජයේ ආයුර්වේද විද්යාලය ස්ථාපිත කරන ලදී. එය BAMS පාඨමාලාව පිරිනමයි.

19. රාජ්ය ආයුර්වේද විද්යාලය සහ රෝහල ගුරුකුල් කන්ගරි හරිඩාර්

1922 දී එය ප්රසිද්ධ සමාජ ප්රතිසංස්කරණ කරුවෙකු, නිදහස් සටන්කාමියෙකු සහ ආර්යමාමි, ස්වමි ශ්රාාඩ් නන්ද් ජි විසින් ස්ථාපනය කරන ලදී. එය BAMS පාඨමාලාව ලබා දෙයි.

20. නාග්පූර් රජයේ ආයුර්වේද විද්යාලය

1965 දී නාග්පූර් රජයේ ආයුර්වේද විද්යාලය ආරම්භ කරන ලදී. එය BAMS පාඨමාලාව පිරිනමයි.

Thursday, October 12, 2017

අෂ්ඨාංග ආයුර්වේද යනු

ආයුර්වේදය ප්‍රධාන අංග අටකට බෙදා දැක්විය හැකිය.අෂ්ඨාංග ආයුර්වේද ලෙස දැක්වෙන්නේ මෙම අංග අටය.

👉අංග අට මොනවාද?

1. කාය චිකිත්සා
2. කෞමාරහෘත්‍ය තන්ත්‍රය
3. භූත විද්‍යා තන්ත්‍රය
4. ශාලක්‍ය තන්ත්‍රය
5. ශල්‍ය  තන්ත්‍රය
6. අගද තන්ත්‍රය
7. රසායන තන්ත්‍රය
8. වාජීකරණ තන්ත්‍රය

දැන් අපි බලමු මේ එක් එක් අංගය පිළිබඳව කෙටියෙන්

1. කාය චිකිත්සා

සර්වාංගය ආශ්‍රය  කල රෝගයන්ගේ ශමනය සදහා ප්‍රධාන වශයෙන් ප්‍රයොජනවන් වන අංගය කාය චිකිත්සා තන්ත්‍රය නම් වේ.

2. කෞමාරහෘත්‍ය තන්ත්‍රය

කුඩා දරුවන් පෝෂණය කිරීම,කිරි මවගේ තනකිරිවල ඇති දොස් සංශෝධනය කිරීම,දූෂිත තනකිරි පානය කිරීමෙන් හා දුෂ්ට ග්‍රහයන් ආවේශයෙන් කුඩා දරුවනට වැළදෙන රෝග සංසිදවීම යන මේවා සදහා ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වන අංගය කෞමාරහෘත්‍ය තන්ත්‍ර නමි.

3. භූත විද්‍යා තන්ත්‍රය

දේවතා,අසුර,ගාන්ධර්ව,යක්ෂ,රාක්ෂස,පීතෘ,නාග,ග්‍රහ ආදීන්ගේ ආවේශය හේතුවෙන් හටගන්නා ග්‍රහාවේශයන් ශමනය කිරීම සදහා ශාන්ති කර්ම ආදී ක්‍රියාවන් මුල්කොට ඇති තන්ත්‍රය මේ නමින් හැදින්වේ.

4. ශාලක්‍ය තන්ත්‍රය

දසරුවෙන් ඉහල පවතින ඇස,කන,මුහුණ,නාසය ආදී අංගෝපාංගයන්හි උපදින රෝගයන්ගේ ශමනය සදහාද ශලාකා යන්ත්‍ර ප්‍රයෝගය සදහාද ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වන අංගය ශාලක්‍ය තන්ත්‍රය නමි.

5. ශල්‍ය තන්ත්‍රය

නානා විධි වූ ශල්‍ය වර්ග උදුරා දැමීම සදහාද යන්ත්‍ර,ශස්ත්‍ර ක්ෂා,අග්නි කර්ම යන මේවායේ ප්‍රයෝගයන් දැක ගැනීම සදහා මෙන්ම ව්‍රණ විනිශ්චය සදහාද  ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වන අංගයයි.

6. අගද තන්ත්‍රය

සර්ප,කීට,ලූතා(මකුළු),මූෂික ආදීන්ගේ දෂ්ට විෂ විනිශ්චය කිරීමත්,විවිධ වූ ස්ථාවර ජංගම විෂ,සංයෝජ විෂ යන මේවා ශමනය කිරීමත් සදහා ප්‍රයෝජනවත් වන අංගයයි.

7. රසායන තන්ත්‍රය

වය: ස්ථාපනය ආයුෂ-බල-මේධා-ශක්ති යන මේවා වර්ධනය, රෝග පහ කර දැමීම යන මේවා සදහා ප්‍රයෝජනවත් වන අංගයයි.

8. වාජීකරණ තන්ත්‍රය

අල්ප වූද,දූෂිත වූද,හීන වූද,වියලුණාවූද,ශුක්‍ර ධාතුව ඇතියවුන් ගේ ශුක්‍ර ධාතුව වර්ධනය කිරීම,පැහැදවීම,රැස්කිරීම,ඉපදවීම යන මේවා සදහාද,මෛථුන කර්මය පිළිබඳ වේගය ශක්තිය හා හර්ෂය වර්ධනය කිරීම සදහාද ප්‍රයෝජනවත් වන අංගය වාජීකරණ තන්ත්‍රය යි.

ඉතින් ආයුර්වේදයේ ප්‍රධාන අංග අට පිළිබඳව යම් වැටහීමක් ඔබට ලැබෙන්න ඇතැයි සිතමි. මෙහීදී මෙම අංග පිළිබඳව කෙටි විස්තයක් සිදුකර ඇති අතර ඉදිරියේදී ඒවා පිළිබඳව වෙන වෙනම සවිස්තරාත්මක ලිපියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

~උදාර ජයසුන්දර ~

බුදුන් වහන්සේගේ වෙදැදුරු ජීවක කෝමාර භච්ච

ගෞතම බුදුරජාණන් වහන්සේ දිවමන් සමයෙහි භාරත දේශයෙහි පහළ වූ අද්විතීය දක්ෂතාවන්ගෙන් දැනුමෙන් කුසලතාවන්ගෙන් පිරුණු ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයාණන් වූයේ ...