Thursday, March 23, 2017

රාජ්‍ය සම්මාන රන් පදක්කම්ලත් වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත සිද්ධායුර්වේදඥ කවිරාජ් බී කොළඹගේ ගුරු පියාණන්

මෙමෙ  ලිපිය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න
(ලිපියේ කතෘ අයිතිය - ~ Ayurveda - Science of Life ~)

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයෙහි උද්දීප්තිය වෙනුවෙන් චිකිත්සාවෙන්ද,ආයුර්වේද අධ්‍යාපන සංවර්ධන කටයුතු වලින්ද ,ග්‍රන්ථකරණයෙන්ද මහගු මෙහෙයක් සිදුකොට අප අතරින් සමුගත් රාජ්‍ය සම්මාන රන් පදක්කම්ලත් වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත සිද්ධායුර්වේදඥ කවිරාජ් බී කොළඹගේ ගුරු පියාණන් පිළිබඳ මෙසේ සටහන් තබමි.
වර්ෂ 1952 දී මෙතුමාගේ සීයාගේ ( කොළඹගේ සන්දෝරිස්)මග පෙන්වීම යටතේ කොළඹ වේල්ලවීදියේ පදිංචි කේ.ආර්.ඒ.වෛද්‍යසේකර වෙදරාළහාමි ලගට ගොස් මුලින්ම වෙදකමට අත්පොත් තැබුවේය.එහිදී ඖෂධ සෑදීම ,සර්වාංග රෝගීන් පරීක්ශා කිරීම ඉගෙන ගන්නා අතරතුර තම පියාගේ හා වෛද්‍යසේකර රාළහාමිගේ උපදෙස් අනුව 1955 දී පමණ කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙනට ඇතුල් වී පෙර අපර දෙදිග භාෂාවන් ඉගෙන ගන්නා ලදී.
1960.03.02 දින ගම්පහ වෙද විදුහලට ඇතුල්වී අංග සම්පූර්ණ පාඨමාලාව හදාරා අවසාන පරීක්ෂණයෙන් ද්විත්ව සාමාර්ථ සහිතව ප්‍රථම ශ්‍රේණියෙන් සාමාර්ථයක් ලබා ගත්තේය.
මේ අතරතුර 1963/64 වර්ෂවල පණ්ඩිත රාළහාමිගේ වෙද ගෙදර නැවතී වැඩිදුර කර්මාභ්‍යාසය ලබා ගත්තේය.
1964.11.02 දින සිද්ධායුර්වේදඥ ඩී.එස්.ඒ.සී.උපාධි පත්‍රය ලබා ගන්නා ලදී. සිද්ධායුර්වේද විද්‍යාලයේ අධ්‍යක්ෂ දිවංගත පණ්ඩිත ජී.පී.වික්‍රමාරච්චි වෙදරාළහාමිගේ ආශිර්වාදය ලබා ඒ.පුෂ්පකුමාර වෛද්‍යරත්න වෙද මැතිතුමනගේ සහයෝගය ඇතිව එම විද්‍යාලයේ උපාධ්‍යක්ෂ දිවංගත ආර්.රාජපක්ෂ මැතිතුමා අතින් සුභ මොහොතින් කැළණි රජමහා විහාරය අසල ඖෂධාලයක් 1964.11.20 දින විවෘත කර චිකිත්සාව ආරම්භ කළේය.
මෙතුමන් මුලින්ම වෙදකම ඉගැන්වීමට ගියේ වෙදගම දේශීය (DA) වෛද්‍ය විද්‍යාලයටයි.1990 සිට වර්ෂ 5ක් පමණ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යාතනයේ උපාධි වසරට දේශීය චිකිත්සාව , වාතරෝග පිළිබඳ බාහිර කථිකාචාර්ය ධූරයක් දරමින් කටයුතු කළේය
1993 දී කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ දේශීය වෛද්‍ය විද්‍යාලයේදී දෝෂ ධාතු මල විඥනය ආදී විශයන් ඉගැන්නුවේය.සිද්ධායුර්වේද නිකේතනයේද ඉගැන්නුවේය.
ගම්පහ වික්‍රමාරච්චි විද්‍යාතනයේ 1996 වර්ෂයේ සිට දේශීය චිකිත්සාව පිළිබඳ භාහිර කථිකාචාර්ය ධූරයක් ද එම රෝහලේ බාහිර උපදේශක විශේෂඥ වෛද්‍ය තනතුරක්ද දරමින් කටයුතු කළේය.
මෙතෙක් මෙතුමන් සුවපත් කල රෝගීන් ගණනද,පැවැත්වූ දේශන ගණනද ,ඒවා ඉගෙනගත් වෛද්‍ය ශිෂ්‍යයන් ගණනද ,ඔවුන් වෙදකම් කර සුවපත් වූ රෝගීන් ගණනද අති විශාලය.
කයෙන් අද අප අතරින් සමුගත්තත් හදවත්තුල සැමදා ජීවත්වන වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත කවිරාජ් .බී.කොළඹගේ නම් ඒ මහා වෙද ඇදුරාණෙනි ඔබ තුමන් ලියන ලද පොතපත බලා වෛද්‍ය දැනුම දියුණු කරගත් වෙද සිසු නාමයෙන් ඒ උතුම් පින් බලයෙන් ඔබ තුමන්ට නිර්වාණ සුවය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා යයි අපේ පැතුමයි.
~ Ayurveda - Science of Life ~

No comments:

Post a Comment

බුදුන් වහන්සේගේ වෙදැදුරු ජීවක කෝමාර භච්ච

ගෞතම බුදුරජාණන් වහන්සේ දිවමන් සමයෙහි භාරත දේශයෙහි පහළ වූ අද්විතීය දක්ෂතාවන්ගෙන් දැනුමෙන් කුසලතාවන්ගෙන් පිරුණු ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයාණන් වූයේ ...